ගම්පහ උපත් අනුපාතය පහළට

ගම්පහ උපත් අනුපාතය පහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ ළදරු උපත්වල විශාල ලෙස පහළ බෑමක් සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා.

සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව 2017 වර්ෂයේ සිට මෙම වසර දක්වා අධ්‍යනය කිරීමේ දී අඩුවීමක් පෙනෙන්නට ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක පවසන්නේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි 2017 වර්ෂයේදී 29,560 දෙනෙකු , 2018 වසරේදී 29,224 දෙනෙකු , 2019 වසරේදී 28,553 දෙනෙකු ,2020 වසරේදී 27,497 දෙනෙකු , 2021 වසරේදී 24,999 දෙනෙකු , 2022 වසරේදී 23,512 දෙනෙකු සහ 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසය වනවිට 17,897 දෙනෙකු වශයෙන් ශීඝ්‍ර අඩු වීමක් සිදු ව තිබෙනවා.