කොළඹ වරායට සේන්දු වුණු මැරෙල්ලා ඩිස්කවරි අද මලයාසියාව බලායයි

කොළඹ වරායට සේන්දු වුණු මැරෙල්ලා ඩිස්කවරි අද මලයාසියාව බලායයි

සුඛෝපභෝගී මගී නෞකාවක් වන මැරෙල්ලා ඩිස්කවරි දෙක ඊයේ (07) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

මගීන් 1,274 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 718 දෙනෙකු සමග බහමාස් ධජය යටතේ ඉන්දියාවේ සිටයි මෙම නෞකාව පැමිණ ඇත්තේ.

මින් වැඩි පිරිසක් ජර්මන් සහ ඉතාලි ජාතිකයින් වනවා.

ඔවුන් කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතයි.

1994 වසරේ සැප්තැම්බර් මාසයේදී සිය මගී ප්‍රවාහන කටයුතු ඇරඹි මැරෙල්ලා ඩිස්කවරි දෙක නෞකාවේ දිග මීටර 264 ක්.

මෙමගින් 1,836 දෙනෙකුට ගමන් පහසුකම් සැළසෙනවා.

මැරෙල්ලා ඩිස්කවරි දෙක නෞකාව අද (08) රාත්‍රියේ මලයාසියාව බලා පිටත්ව යාමට නියමිතයි.