YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්

YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්

අමෙරිකානු යූ ටියුබර් කෙනෙකුට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

අමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් මෙන්ම ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයෙකු ද වේ.

ගුවන් යානා හා හිම මත ලිස්සා යාමේ වීඩියෝ පළ කරමින් ඔහු යූ ටියුබ් හරහා ජනප්‍රිය වු බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මොහුට මෙලෙස මාස 06ක සිර දඬුවමක් හිමිව ඇත්තේ වීඩියෝවක් නිසාමයි.

2021 වසරේ තමන් ගමන් කළ සැහැල්ලු ගුවන් යානය කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් ඉන් පැන දිවි බේරාගැනීමේ වීඩියෝවක් ඔහු පළ කර තිබිණ.

කෙසේ වෙතත් අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී වැරදි තොරතුරු ලබා දීම හා හිතා මතා අනතුර සිදු කළ බවට හැඟී යාම පදනම් කරගනිමින් සිර දඬුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂඥයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, කාර්මික දෝෂයක් සිදු වූ වහාම සිදු කළ යුතු මූලික කටයුතු හෝ මොහු සිදු කර නැති බවයි.

මොහු ගුවන් ගමන් පාලන මැදිරිය අමතා නැති අතර හදිසි ගොඩබෑමකට අවශ්‍ය ඉල්ලීමක් හෝ සිදු කර නොමැත.

තවත් පිරිසක් පෙන්වා දෙන්නේ, දිවි බේරා ගැනීමට ක්‍රියා කරද්දී එයත් වීඩියෝ කිරීමට තරම් සූදානම් වී සිටීම සැක උපදවන බවයි.

මෙම වීඩියෝව නැරඹුම් වාර මිලියන ගණනක් ඉක්මවා ඇති අතර ගුවන් යානයක් අනතුරට ලක්වීම සජීවීව පටිගත වූ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි.

මෙවැනි ක්‍රියාකාරකම් මගින් ගුවන් ගමන් ආරක්ෂාව වගේම විශ්වාසනීයත්වය බිඳී යන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

https://tinyurl.com/4f35kndw

COMMENTS