සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය පාර්ලිමේන්තු තහනම පිළිබඳව සහ විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් පාර්ලිමේන්තුවේ දී සනත් නිශාන්ත හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

දින 14ක පාර්ලිමේන්තු තහනමකට ලක් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ නැවතත් පාර්ලිමේන්තුවට පැමිණියා.

පසුගිය මස (21) දින පාර්ලිමේන්තුවේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා කථානායක වෙත පැවරී ඇති බලතල අනුව ඔහුට සති දෙකක් දක්වා පාර්ලිමේන්තුව තහනමකට ලක් කරනු ලැබුවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අත තිබු ලිපි ගොනුවක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ද නිශාන්තට චෝදනා එල්ලවී තිබෙනවා.

COMMENTS