වාහන ආනයනයට රජයෙන් දැනුම්දීමක්

වාහන ආනයනයට රජයෙන් දැනුම්දීමක්

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

බලපත්‍ර නිකුත් කරන්නේ විදෙස්ගත ශ්‍රමිකයින් සඳහයි.

මෙමඟින් ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේ දී යම් අවහිරතාවයක් මතුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මහාභාණ්ඩාගාරයේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම දීර්ඝ කිරීම කටයුතු සිදු කිරීමට බාධා එල්ලවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS