මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරින් ප්‍රකාශ කළේ අද (07) සිදු කළ මෙහෙයුමක දී පාර්සල කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් ඒ අනුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් රැගෙන ආ බව වාර්තා වෙනවා.

සීදුව ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ නිෂ්කාසන ආයතනයක් වෙත එවා තිබූ එම පාර්සල තුළ කුෂ් නමැති ගංජා කිලෝග්‍රෑම් 08ක්, මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටසි මත්පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් තිබී හමුව තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 06ක්.

මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් වෙත භාරදීමට නියමිතයි.

COMMENTS