බැංකු කාඩ්පතක් සොරාගත් සැකකරු අත්අඩංගුවට

බැංකු කාඩ්පතක් සොරාගත් සැකකරු අත්අඩංගුවට

වතුපිටිවල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක තිබු බැංකු කාඩ්පතක් සොරා ගත් පුද්ගලයෙකු අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 26ක කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා සොරාගත් බැංකු කාඩ්පතින් නිට්ටඹුව නඟරයේ මත්පැන් අවන්හලකින් මත්පැන් බෝතල් තුනක් මිල දී ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

COMMENTS