පාසලක වෙඩිතැබීමක්

පාසලක වෙඩිතැබීමක්

රුසියාවේ පාසලක සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම එම පාසලේ 14 හැවිරිදි සිසුවියක් විසින් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය පන්ති කාමරයේ සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදු කර එම සිසුවිය පසුව වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් සිසුවෙකු එහිදී මියගොස් ඇති අතර, තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

රුසියානු විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබෙන්නේ මෙම සිසුවිය විසින් සිය පියාට අයත් ගිනි අවියක් පාසලට රැගෙනවිත් මෙම වෙඩිතැබීම් සිදු කර ඇති බවයි.

COMMENTS