ඩොලරය පහතට

ඩොලරය පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය සුළු පහත වැටී තිබෙනවා.

අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 321.87ක් ලෙසයි.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 322.68 ක් ලෙස සටහන් වුණා.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.78ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 333.07ක් ලෙස වාර්තා වුණා.