ජයසූරියට තනතුරක්

ජයසූරියට තනතුරක්

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර, අවසන් ඒකඟතාවකට තවම එළැඹ නොමැති බව වාර්තා වෙනවා.

ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතරවාරයේ ඊට අමතරව සනත් ජයසූරියට මෙම තනතුර දීමට සුදානම්.

මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදා වගකීම් පැවරී ඇති නමුත් ජයසූරියට නව විෂය පථයක වඟකීමක් පැවරෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර. ඊට සමඟාමීව තවත් වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිතයි.