ජගත් මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ජගත් මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය යළි ගොඩනැගීමට නොහැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

ඔහු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙම මානුෂික ව්‍යවසනය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ අත්‍යවශ්‍ය සැපයුම් නොමැතිවීමෙන් ගාසා තීරයේ මහජන සාමය සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ගාසා තීරය පුරා වසංගත රෝග පැතිර යා හැකි අතර, අසල්වැසි රටවලට ද අවතැන්වූවන්ගෙන් එල්ල වන පීඩනය වැඩි විය හැකි බවයි මහ ලේකම්වරයා කියා සිටියා.

ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් මේ වනවිට 16,200 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.