O/L හා A/L විභාග පැවැත්වෙන කාල සීමාව ප්‍රකාශයට පත් කෙරේ

O/L හා A/L විභාග පැවැත්වෙන කාල සීමාව ප්‍රකාශයට පත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2023 අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වන බවයි මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට අදහස් කර ඇති බවයි.

ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම අවසන් කිරීම සඳහා සෑම විභාගයක් අතරම මාස තුනක කාල පරතරයක් අවශ්‍ය වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ 2025 වන විට නියමිත වසර තුළ විභාග පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.