සියයට 8ක පොලියට ණය

සියයට 8ක පොලියට ණය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමණික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරීම පෙරේදා (04) සිදුකෙරුණා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා රු.බිලියන 5ක මුදලක් වෙන්කර තිබෙනවා.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වෙයි.

ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 ක්.

මේ සඳහා පසුගිය මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතුවෙයි.

ණය ලාභියාගෙන් අයකළ හැකි උපරිම පොලී අනුපාතය 8% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබාදෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර, මේ සඳහා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා 4% ක වාර්ෂික පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබාදෙයි.

· ලංකා බැංකුව

· මහජන බැංකුව

· කොමර්ෂල් බැංකුව

· හැටන් නැෂනල් බැංකුව

· සම්පත් බැංකුව

· සෙලාන් බැංකුව

· කාගිල්ස් බැංකුව

· DFCC බැංකුව

· ජාතික සංවර්ධන බැංකුව

· පෑන්ඒෂියා බැංකුව

· යූනියන් බැංකුව