ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර දී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදු කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් කළා.

මෙමඟින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබා දී ඇති අතර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි කාර්යමණ්ඩලයේ 115කට එළැඹෙන සිකුරාදා ත්‍යාග මුදල් ලබාදීමට නියමිතයි.

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ බෙදාදීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න බවයි.

මෙම ත්‍යාග මුදල ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයින්ට හිමිවීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

COMMENTS