ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට

ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට

2024 වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා.

සංචාරකයන් සඳහා තොරතුරු සපයන ලෝකයේ ප්‍රධානතම සඟරාවක් වන ‘Travel off Path’ සිදුකළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබෙන අතර, ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව සහ ඩොමීනියන් ජනරජය සෙසු රටවල් වන බව වාර්තා වෙයි.

මෙම 2023 වර්ෂය පුරාම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගත් රටක් බවට ද ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ‘Travel off Path’ සඟරාව කියා සිටී.

ලෝක ප්‍රසිද්ධ දත්ත එකතු කරන්නන් වන SALT ඒජන්සියේ දත්ත හා ‘Travel off Path’ දත්ත එකතු කර මෙම සමීක්ෂණය සිදු කර තිබෙන අතර ‘Travel off Path’ සඟරාව මසකට මිලියන 6ක පමණ පිරිසක් විසින් කියවන බව ද එම සඟරාව අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගෙන නිකුත් කරයි.

https://tinyurl.com/2synp5xw