ශ්‍රී ලංකාවට තවත් ණයක්

ශ්‍රී ලංකාවට තවත් ණයක්

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.

අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම ණය මුදල ලැබේ.

අදාළ යෝජනාවට එළැඹීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“සමහර අවස්ථාවල දී ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විපක්ෂය විසින් මතවාදයක් ගෙනිච්චා සියලුම තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් කොටසක් රජය අයකර ගන්නවා කියලා. රජය ජනතාවගේ සියලූම තැන්පත් ආරක්ෂා කරන්න ක්‍රියා කළ අතර, එය තවදුරටත් අනාගතයේ දී වඩාත් සුරක්ෂිත කරන්න මේ තැන්පත් සියල්ල රක්ෂණය කරන්න විශාල මුදලක් ප්‍රාග්ධනීකරණය කරන්න ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක් අරමුදලක් ලබාදෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ තුළින් මහ බැංකුවේ ධාරිතාවය පුළුල් කරන්නත් මහ බැංකුව මඟින් නවීන තාක්ෂණයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරන්නත් ඊට අතිරේක තැන්පතු සියල්ල රක්ෂණය කිරීමෙන් බැංකු ක්‍රමය වෙත තැන්පත් කරන අයට වඩා ඉහළ ඉස්තරම් විශ්වසනීයත්වයක් ඇති වෙන ලෙස බැංකු ක්‍රමය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා මෙම යෝජනාව අතිශය වැදගත්.”

COMMENTS