පොලීසිය මහජන සහාය ඉල්ලයි

පොලීසිය මහජන සහාය ඉල්ලයි

නොරොච්චෝලය පොලිස් වසමට අයත් නිවසකට පැන මුදල් සහ දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලනවා.

ඉකුත් 02 වැනිදා නාවක්කඩුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ඇති සැකකරුවන් දෙදෙනෙකු එහි නිවැසියන් බිය ගන්වා රුපියල් 15,232,000ක් වටිනා මුදල් සහ දේපොළ කොල්ල කා තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විසින් ලබා දුන් තොරතුරු සහ හැඩරුව මත අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් සැකකරුවන් දෙදෙනා චිත්‍රයට නඟා ඇත.

සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දන්වනවා.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි – පුත්තලම කොට්ඨාසය : 071 – 8591289
සහකාර පොලිස් අධිකාරි – කල්පිටිය : 071 – 8591301
ස්ථානාධිපති – නොරොච්චෝලය : 071 – 8592126