ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ අවසන් කටයුතු හෙට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි සුමින්ද සිරිසේන මහතා පෙරේදා (04) මියගියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ මහතා මියයනවිට 75 වන වියේ පසුවුණා.

සුමින්ද සිරිසේන මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

අභාවප්‍රාප්ත සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (07) පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.