පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න – මෛත්‍රී

පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න – මෛත්‍රී

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

ලෝකයේ සංවර්ධිත රටවල මෙන් පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු අතර තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

”පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් පසු 99%ක් දරුවන් ගෙවල්වලට ආවේ අඩාගෙන.. ඒ වගේම අම්මලත් අඬන්න පටන් ගත්තා. පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර තමා ලැබුණේ කියන එක තමා මේ රටේ දරුවෝ කිව්වේ සෑම තැනින්ම. ඒ පිළිබඳව විශාල විරෝධයක් ඇති වුණා. මේක අහෝසි කරන්න ඕනේ ලෝකේ දියුණු රටවල 8 වසරට වෙනකල් වාර විභායක්වත් නෑ. 8 වසරේ දී තමා ළමයි වර්ග කිරීමක් කරන්න පටන් ගන්නේ. ශිෂ්‍යත්ව විභායට අසමත් වුණාම ඇතැම් දරුවෝ සමාජ මට්ටමක් අධ්‍යාපන මට්ටමක් නැති සමහර දෙමාපියන්ගෙන් හිරිහැරවලට ලක් වෙනවා ” යනුවෙන්

COMMENTS