ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නලින් ආරියරත්න සඳහන්, කළේ කොළඹ, නුගේගොඩ, මහරගම, ගොතටුව, ගම්පහ, අත්තනගල්ල, වත්තල, බියගම, කැලණිය සහ මීගමුව යන ප්‍රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70487 ක් වාර්තා වී තිබෙනවා.

මෙම භයානක ඩෙංගු තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම අමාත්‍යාංශ කිහිපයක් බලමුලු ගන්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර පරිදි ජනාධිපතිවරයා විසින් මෙම මෙහෙයුමට අදාළ සම්බන්ධිකරන කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක වෙත පවර තිබෙනවා.

ඩෙංගු යැයි සැකකළ ,හැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේවන විට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

COMMENTS