ගල්කිස්ස මහෙස්ත්‍රාත්ට නියෝගයක්

ගල්කිස්ස මහෙස්ත්‍රාත්ට නියෝගයක්

කොළඹ මහාධිකරණය හමුවේ අප්‍රේල් මස 02 වැනිදා පෙනීසිටින ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළා.

ඒ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක නඩු ගොනුවක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මාර්ග බාධක රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු රිය අනතුරකට ලක්කර මරණයට පත් කළ බවට චෝදනා කරමින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ කල්ලි සාමාජික වෙලේ සුදා නමැත්තාගේ බාල සොහොයුරාට එරෙහිව අදාළ නඩුව පවරා ඇති බව වාර්තා වෙනවා.

එම නඩුවේ නඩු ගොනුවක් මෙලෙස අතුරුදන්වී ඇති බවට ඔක්තෝබර් මස 13 වනදා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා විසින් මහාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා

හඳුනාගැනීමේ පෙරට්ටුවක දී හඳුනාගැනීමට අදාළ සටහන්වලට අදාළ පිටපත් මෙන්ම සිතාසිය ද ඉදිරිපත් කළ යුතු වූවත් ඒවා මේ වනවිට අස්ථානගත වී ඇති බව වාර්තා වෙනවා.