උප්පැන්නය ඩිජිටල් වෙයි

උප්පැන්නය ඩිජිටල් වෙයි

ඉ – ජනගහණය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) ආරම්භ කෙරුණා.

ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළීගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඊට අදාළ උත්සවය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබාදෙන අංකය ජාතික හැඳුනුම්පත් අංකය බවට පරිවර්තනය වන බවයි.

එය ජාතික උප්පැන්න සහතිකය ලෙස නම් කර ඇති අතර, මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

COMMENTS