උපත් පාලනය ඉහළට

උපත් පාලනය ඉහළට

රටෙහි උපත් පාලනය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව වසරකට 50,000කින් පමණ අඩු වී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ දී ඇමැතිවරයා මේ බව පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කළේ උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූ දෙදහස දක්වා පනස්දහසකින් පමණ අඩු වී ඇති බවයි.

COMMENTS