ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින ලංකාවට

ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින ලංකාවට

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම (Elegance) විවාහක රූ රැජින කිරුළ දිනා ගත් සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය එම කිරුළ රැගෙන ඊයේ (05) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය මෙම 2023 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූවාය.

මෙම තරගාවලිය ඉකුත් දා තායිලන්තයේ බැංකොක් නුවර, ආසියානු රටවල් 27 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය ඊයේ (05) තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඇය පිළිගැනීම සදහා ඇගේ පියා වන ජයතිලක ඇඹුල්දෙණිය මහතා සහ ඇයගේ මව මැණිකේ ඇඹුල්දෙණිය මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.