වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේ දී 14.6%කින් අඩු වී ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්ත අනුව පෙනී යන්නේ 2023 ඔක්තෝබර් මාසයේ දී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී ඇති බවයි.

එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව බව වැඩිදුරටත් වාර්තා වෙනවා

COMMENTS