වැස්ස සැර වෙයි – සුළි කුණාටුව ගැනත් දැනුම්දීමක්

වැස්ස සැර වෙයි – සුළි කුණාටුව ගැනත් දැනුම්දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුව, ඊයේ (03) වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 365 ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇති බවය.

එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිට හැකි බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

COMMENTS