වැඩි වූ 10,000 ජනවාරියේ සිට ඉල්ලා රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි
එළැඹෙන 12වැනි දින සියලුම රාජ්‍ය ආයතනවල එක් දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව රජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය එකමුතුව පවසනවා.
රජය විසින් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වු රුපියල් 10,000 දීමනාව එළැඹෙන ජනවාරි මස සිට ලබා දෙන ලෙසට රජයට බල කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර ඇත්තේ.