මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සැළසුම්

මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සැළසුම්

මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සැළසුම් කර ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, 2026 වර්ෂයේදී එහි කටයුතු අවසන් කිරිමට සැළසුම් කර තිබෙනවා.

මෙමඟින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතුවන විදුලි ධාරිතාව මෙගාවොට් 350 ක්.

එය ඉදිකිරීමට වැයවන මුදල රුපියල් මිලියන 750ක් වනවා.

මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10 ක ඉඩමක් ලබාදී ඇති අතර, මෙම ඉඩම ලබාදීමට අදාළ ගිවිසුම අත්සන් තැබීම පසුගියදා සිදු කෙරුණා.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ඉඩම ලබාදීමෙන් රුපියල් මිලියන 720 ක ආදායමක් උපයන බව සඳහන්.

COMMENTS