ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කළ ද නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

මෙම මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ත් 80ත් දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

මිජවුම් සුළි කුණාටුව උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව හෙට (05) වන විට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩ බිමට ඇතුලු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

COMMENTS