දේශීය බිත්තරය චුට්ටක් අඩුවෙයි

දේශීය බිත්තරය චුට්ටක් අඩුවෙයි

මේ වනවිට දේශීය බිත්තර මිල රුපියල් 40, 42, 43 ට පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

රුපියල් 65,70 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තර මිල පහත වැටීමට හේතුව දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළයාම බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 37 කටත් රතු බිත්තරයක් රුපියල් 38 කටත් ගොවිපළෙන් නිකුත් කරන බවද ඔහු කීහ.

මේ වනවිට බිත්තර නිෂ්පාදනයද සැලකිය යුතු අන්දමින් ඉහළ යමින් තිබෙන බවත් පැවසූ සභාපති සරත් මහතා මාසයකට බිත්තර ලක්ෂ පහ බැගින් නිෂ්පාදනයට එකතු වන අතර මේ මාසයේ නිෂ්පාදනය ලක්ෂ 60, 65 දක්වා වැඩි වී ඇතැයි ද කීය.

ඒ අනුව එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව දේශීය බිත්තර අවශ්‍ය තරම් මිලදී ගැනීමට හැකි බවත් ඉදිරියේදී බිත්තර මිල තවත් අඩු විය හැකි බව ද ඔහු කීහ.

බිත්තර නිෂ්පාදනය වැඩි වෙමින් පැවතීමත් රටට අවශ්‍ය බිත්තර රටතුළ නිෂ්පාදනයවීමත් නිසා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවත් සභාපතිවරයා පැවසීය.

මේ අතර වෙළෙද ඇමති නලින් ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කළේ දෙසැම්බර් මාසයෙත් පසු ඉන්දියාවෙන් බිත්තර ආනයනය නතර කරන බවයි.