දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලූ සැමියාව බිරිඳ ඝාතනය කරයි

දියණියගේ නිරුවත් ඡායාරූප ඉල්ලූ සැමියාව බිරිඳ ඝාතනය කරයි

මුදල් ඉපයීමේ අරමුණින් සිය දියණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදාහරින ලෙස බල කළ සැමියා බිරිද විසින් ඝාතනය කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ කුරුණෑගල වැල්ලව – බලගහගම ප්‍රදේශයෙන්.

සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා අදාළ පුද්ගලයා අවස්ථා ගණණාවක දී බිරිඳ සමඟ ගැටුම් ඇතිකර ගෙන ඇති බව විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

ඊයේ(03) දිනයේ දී එම පුද්ගලයා බිරිඳගෙන් සිය දියණියගේ ඡායාරූප ඉල්ලා බිරිඳ සමඟ බහින් බස් වී ඇති අතර, එය දුර දිග ගොස් බිරිඳට පහර දී ඇති බව වාර්තා වෙනවා.

පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර, එහි දී බිම ඇද වැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලව – බලගහගම ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සුළු සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර, මෙම ඝාතනයට අදාළව 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.