ජනපති සහ ජෝන් කෙරී අතර හමුවක්

ජනපති සහ ජෝන් කෙරී අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා හමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඩුබායිහි දී පැවැත්වෙන COP 28 සමුළුව අතරතුර දී මෙම හමුව සිදුව ඇති බවයි.

එහිදී යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ කටයුතු මෙන්ම, දේශගුණික විපර්යාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේ දී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

COMMENTS