චමරි IPL කාන්තා වෙන්දේසියට

චමරි IPL කාන්තා වෙන්දේසියට

2024 කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය මේ මස 9 වනදා ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඒ අතරට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදෙස් ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත් වනවා.

මෙවර කාන්තා අයි පී එල් ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී වැඩිම මුදලක් හිමි කණ්ඩායම සඳහා නම් කර ඇත්තේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩිකා ඩීඇන්ඩ්‍රා ඩොටින් සහ ඔස්ට්‍රේලියාවේ කිම් ගාර්ත්.

ඒ ඉහළම මූලික ලංසු මුදල වන ඉන්දීය රුපියල් ලක්ෂ 50 කණ්ඩායම සඳහායි.

මේ අතර මෙවර කාන්තා බිග් බෑෂ් තරගාවලියේදී සුපිරි දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා නායික චමරි අතපත්තු ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මුදලක් හිමි කණ්ඩය සඳහා ඇතුළත් කර තිබෙනවා.