කැලණියේ පීඨ වසා දැමේ

කැලණියේ පීඨ වසා දැමේ

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් සියලුම පීඨවල අධ්‍යන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අදාළ අත්හිටුවීම සිදු කර තිබෙන්නේ එහි පාලනාධිකාරියයි.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් බැඳ දමා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙම අත්හටුවීම සිදු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ අනෙකුත් සියලු පීඨ නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා.

පාලනාධිකාරිය සිසුන් වෙත දැනුම් දී ඇත්තේ හෙට උදෑසන 8ට පෙර සියලු‍ම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි.

COMMENTS