උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක්

උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අයවැය කාරක සභා අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට අද (04) එක්වෙමින්.

මේ අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව වෙනුවට ඉදිරියේදී මෙම තේරීම් කමිටුව පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.