ආසියානු කුසලානයේ 19න් පහළ කණ්ඩායම සූදානම්

ආසියානු කුසලානයේ 19න් පහළ කණ්ඩායම සූදානම්

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නම් කර තිබෙනවා.

අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව ඇති අතර, එම කණ්ඩායමේ නායකත්වයේ වඟකීම පවරා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනටයි.

එම තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ

සිනෙත් ජයවර්ධන (නායක)
මල්ෂ තරුපති (උප නායක)
පුළිඳු පෙරේරා
විශේන් හැළඹගේ
රවිශාන් ද සිල්වා
ශරුජාන් ෂන්මුගනාදන්
දිනුර කළුපහන
විහාස් තෙව්මික
විශ්ව ළහිරු
ගරුක සංකේත්
දුවිඳු රණතුංග
හිරුන් කපුරුබණ්ඩාර
රුසඳ ගමගේ
දිනුක තෙන්නකෝන්
රුවිශාන් පෙරේරා

කණ්ඩායම සමඟ සහභාගී වන අතිරේක ක්‍රීඩකයින් වන්නේ

සුපුන් වඩුගේ
ජනිත් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්