අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල රියදුරන් වාහන අතර මීටර 50 ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

ආලෝක තත්වය අඩුවීමෙන් අදුරු ස්භාවයක් පැවතීම හේතුවෙන් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනයේ යෙදෙන ලෙස ද පොලසිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මේ අතර, “මිජවුම්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබුණ ද එහි බලපෑම තවදුරටත් පවතින බවයි.

මේ අතර අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් 03කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ මහනුවර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අද උදෑසන සිට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි.

COMMENTS