හන්තාන කඳු මුදුනේ අතරමංවූ වෛද්‍ය පීඨ සිසුන් 180ක් බේරා ගැනේ (Video)

හන්තාන කඳු මුදුනේ අතරමංවූ වෛද්‍ය පීඨ සිසුන් 180ක් බේරා ගැනේ (Video)

හන්තාන තරණයට ගොස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිස යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ඊයේ (02) පස්වරුවේ මුදාගෙන තිබෙනවා.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු මෙලෙස හන්තාන කන්ද නැගීමට ගොස් තිබුණේ ඊයේ පස්වරුවේයි.

ඒ අතර සිසුන් 60 දෙනෙකු සහ සිසුවියන් 120 දෙනෙකු සිට තිබුණා.

එම අවස්ථාවේ ඇතිවූ දැඩි මීදුම් තත්වය හේතුවෙන් ඔවුන්ට යළි පැමිණීමට මාර්ගය අපහැදිළිවීම හේතුවෙනුයි මෙලෙස අතරමංව සිටියේ.

කෙසේ වෙතත් පොලිසියට කළ දැනුම්දීමකින් අනතුරුව පැය හයක මෙහෙයුමකින් පසු මෙම සරසවි සිසුන් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.