මාසයක් නොගෙව්වත් අවදානමේ!

මාසයක් නොගෙව්වත් අවදානමේ!

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ හෙළි කර තිබෙනවා.

මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් නිකුත් නොකළ බව ද ඔවුහුන් පවසනවා.

මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් ප්‍රතිපූර්ණ නොකරන නිසා ඒ ඒ විදුලි කලාපවලට අභිමත පරිදි ආදායම් එක්රැස් කර ගැනීමට උපදෙස් දී තිබෙන නිසා මාසයක් තුළ බිල් නොගෙවන අයට ද රතු බිල් යැවීමට සිදුව ඇති බවයි ලංවිම ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඒ නිසා මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට පමණ රතු බිල් ලැබෙන බවත් සෑම මොහොතකම ලක්‍ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලිය සිඳලීමට සිදුව තිබෙන බවත් ඉංජිනේරුවෝ පවසනවා.

COMMENTS