තුවක්කුකරුවන් පිරිසක් බස් රථයකට කඩා පනී

තුවක්කුකරුවන් පිරිසක් බස් රථයකට කඩා පනී

උතුරු දිග පාකිස්තානයේ චිලාස් නගරය ආසන්නයේ දී බස් රථයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් මගීන් 8 දෙනෙකු ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

බස්රථයට ඇතුළු වූ තුවක්කරුවන් එහි සිටි මගීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර පලාගොස් ඇති බව සඳහන් වෙයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව ද අනාවරණය වී නොමැත.

https://tinyurl.com/3ub6szu9