ජනපති දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය නිල වශයෙන් එළිදක්වයි

ජනපති දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය නිල වශයෙන් එළිදක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩුබායි හිදී පැවැත්වෙන COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පැරිස් දේශගුණික ගිවිසුමට අනුව ආයතනිකව සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද අවධාරණය කර ඇත.

එසේම එහිදී ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පවතින දේශගුණික අර්බුදයට ඵලදායී ලෙස මුහුණදීම සඳහා විකල්ප ආයතන නොමැති බවය. මෙම සමුළුවේ දී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ද හමුවී දේශගුණික විපර්යාස ගැටලු පිළිබදව සාකච්ඡා කර ඇත.

COMMENTS