ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වූ සටන් විරාමය පෙරේදා දිනයෙන් අවසන්වීමත් සමඟයි ප්‍රහාරයන් දැඩි කිරීමට පියවර ගෙන ඇත්තේ.

දෙපාර්ශ්වය අතර පසුගිය ඔක්තෝබර් 7 වනදා ගැටුම් ආරම්භ වීමෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරයන් මෙය බව පලස්තීන වැසියන් පවසනවා.

එම ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති සමස්ත පලස්තීන වැසියන් සංඛ්‍යාව පහළොස් දහසකට අධික වන අතර ඒ අතරින් පන්දහසකට වැඩි පිරිසක් කුඩා දරුවන් බවද සඳහන්.

https://tinyurl.com/4dmf8xj3