රූපවාහිනී කැමරා ශිල්පියෙක් ඝාතනයට ලක්වෙයි

රූපවාහිනී කැමරා ශිල්පියෙක් ඝාතනයට ලක්වෙයි

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබෙනවා.

ඔහු පෙරේදා (30) රාත්‍රියේදි වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සහ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන නිවසකට ගොස් තිබු අතර, එහිදි මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන්නේ.

පොලිසිය පැවසුවේ එම ස්ථානයේදි ඇති වු බහින්බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුවන්නට ඇති බවයි.

තියුණු ආයුධයකින් කළ එම පහරදීමෙන් බරපතල තුවාල ලැබු ඔහු එම ආයතන පවත්වාගෙන යන අඹු සැමි යුවල විසින්ම වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ ඔහු තුවාල සහිතව තම ආයතනයට පැමිණි බව පවසමින්.

කෙසේ වෙතත් පසුව ඔහු මියගොස් තිබෙනවා.

එලෙස මියගියේ අත්තනගල්ල වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි මහේෂ් ගුණසිංහ නමැති දෙදරු පියෙක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන අඹු සැමි යුවල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඊයේ පස්වරුවේ සිදුකළ අතර සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලද එම ස්ථානයට රැගෙනවිත් තිබුණා.

COMMENTS