භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 02වන වගන්තිය යටතේ පනවන ලද සහ 2023 ජනවාරි 04 දිනැති අංක 2313/34 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත නියමය 2023 දෙසැම්බර් මස 1 වැනිදා සිට අවලංගුවන බවයි වාර්තා වෙන්නේ.

මෙම නියමය 2023 දෙසැම්බර් මස 1 දිනයෙන් ආරම්භ වී 2024 දෙසැම්බර් 31 වැනි දින දක්වා 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ දෙවැනි වගන්තියේ (03) වැනි උප වගන්තියේ විධිවිධානවලට යටත්ව වලංගුවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ මේ සඳහා යටත්වනු ඇති.

යෝගට්
වෙඩරු
කිරිවලින් නිපද වූ තැවරුම්
සියලුම වර්ගවල පෙරන්ගාන ලද හෝ පිටිකරන ලද කේජු
බොම්බයි ලූණු
රට ඉඳි (අලුත්)
රට ඉදි (වියළි)
දොඩම් (අලුත්)
මිදි (අලුත්)
මිදි (වියළි)
ඇපල්, අනෙකුත් පළතුරු
සැමන්
හුරුල්ලන්
සාඩින්
සාඩින් සහ හාල්මැස්සෝ

COMMENTS