ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදියකු වූ ආනන්ද ගමගේ මහතා ඊයේ (01 දා) අභාවප්‍රාප්ත විය. ‘අඹ යහළුවෝ, ගැහැනු ළමයි’ ටෙලි නාට්‍ය ඇතුළු නිර්මාණ රැසකට තම විශිෂ්ට ප්‍රතිභාව මුසු කළ ගමගේ මහතා මියයන විට 73 වැනි වියේ පසුවිය.

හෙතෙම කටු අකුලේ… පහන තියා…අරලිය ලන්දට, එකම මඟක පියවර මැන යන්නයි, මල් පිපෙයි දෙනෙත් ඇරෙයි, ගෙඩි සියයක් බිම හෙළුවත්, ඇතුළු ගීත රැසක් හෙළ ගීත ක්‍ෂේත්‍රයට දායාද කළේය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.