දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පති ධූරයට පත් කළ දේශබන්ධු තෙන්නකෝන්ගේ පත්වීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති ධූරය සඳහා පත් කළ දේශබන්ධු තෙන්නකෝන්ගේ නම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඊයේ පස්වරුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

එහිදී දේශබන්ධු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණයට අනුමැතිය හිමි වී තිබෙනවා.

COMMENTS