දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන කියයි

දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන කියයි

දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක සිය ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය ලබා ගත්තා.

ඉන් අනතුරු ව ඔහු උන්වහන්සේ වෙත ක්‍රිකට් දූෂණ පිළිබඳ වාර්තාවක් ද ලබා දී තිබෙනවා.

ඉන් පසු අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, උන්වහන්සේට ද එම වාර්තාව ලබා දී තිබෙනවා.

COMMENTS