සුරාසල් විවෘතව තැබෙන වේලාවේ වෙනසක්

සුරාසල් විවෘතව තැබෙන වේලාවේ වෙනසක්

සුරාසල් විවෘතව තබන වේලාව වෙනස් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සුරාසල් සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ජනතාව නීතිවිරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බවද කියා සිටියේය.

ඒ අනුව සුරාසල් විවෘතව තබන වේලාව රාත්‍රී 9 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින්.

COMMENTS