සටන් විරාමය අවසන් – පැය 03කදී මරණ 32ක්

සටන් විරාමය අවසන් – පැය 03කදී මරණ 32ක්

හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ විය.

ඒ, දින 07ක සටන් විරාමයකින් අනතුරුවයි.

ඊශ්‍රායල ආරක්ෂක බළකාය ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කළ බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කළේය.

මේ අතර, ගාසා තීරයට එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් පැය 03ක දී ගාසාහි පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සංවිධානය නිවේදනය කළේය.

https://tinyurl.com/4bdumhx7