ශ්‍රී ලංකාවේ ණය ගණුදෙනුව ගැන IMF කියපු සුභ ආරංචිය

ශ්‍රී ලංකාවේ ණය ගණුදෙනුව ගැන IMF කියපු සුභ ආරංචිය

ණය දෙන රටවල් සමග ශ්‍රී ලංකාවේ ණය ගණුදෙනුව පළමු සමාලෝචනය අවසන් කිරීමට උපකාරී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන මාසයේ සිදු කරන පළමු සමාලෝචනය අවසන් කිරීම සදහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය දෙන රටවල් සමග ශ්‍රී ලංකාවේ ඇති ප්‍රතිපත්තිමය ගිවිසුම ඉවහල් වනු ඇති.

චීනයේ අපනයන ආනයන බැංකුව සමග ඇමෙරිකා ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමෙන් මාසයකට පමණ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම එකගතාවට පැමිණ තිබෙනවා.

මෙම සමාලෝචනය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා ඩොලර් මිලියන 334 ක පමණ අරමුදල් එනම් මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය ලැබෙනු ඇති.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහත වැටීමෙන් පසු දශක 07 ක් තුළ දැඩි මූල්‍යමය අර්බුදයකට මුහුණ දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් තවදුරටත් මුදල් ලබාගත හැකි වනවා.

එසේ ලබා ගන්නා මුළු මුදල ඩොලර් මිලියන 900 ක් පමණ වන බවයි නන්දලාල් වීරසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කළේ.